Saturday, January 18, 2014

සිරකරු වැටුප රු. 500යි.. ජේලර්ලාට 476යි.. සිරකරුවෝ ජේලර්ලාට කෝචොක් කරති

මෑතකදී සිදුවු වැටුප් වැඩිවිම අනුව බන්ධනාගාරවල රඳවා සිටින සිරකරුවෙකුගේ දෛනික වැටුප රුපියල් 500 දක්වා වැඩි කර තිබිය දී බන්ධනාගාර ආධුනික නියාමකවරයකු ගේ දෛනික වැටුප රුපියල් 476ක මට්ටමින් පැවතීම ඔවුන්ට මහත් ප‍්‍රශ්නයක් වි ඇතැයි බන්ධනාගාර නිලධාරිහු පවසති.
වැටුප් වැඩිකිරීමෙන් පසු වැඩ සහන සේවාවන් වල යොදවන සිරකරුවකුට දෛනික වැටුප වශයෙන් රුපියල් 500ක් ලැබෙන බවද එම නිළධාරිහු කියා සිටිති.
රජයේ ආයතනවල දෛනික වැඩ සහන සේවා සඳහා යොදවන මෙම
සිරකරුවන්ට මෙතෙක් ගෙවනු ලැබුවේ රුපියල් 400 ක් බවත් ඉකුත්දා සිට මෙම දීමනාව රුපියල් 500 දක්වා ඉහළ දමා ඇති බවත් ඔවුහු පෙන්වා දෙති.
එසේ තිබියදී සිරකරුවන්ට වඩා අඩු දෛනික වැටුපක් ලැබිම හේතුවෙන් ආධුනික නියාමක වරුන් දැඩි අපහසුතාවට පත්ව ඇති අතර ඇතැම් සිරකරුවන්ගේ සමච්චලයට පවා ලක්වි ඇතැයි ද එම නිලධාරිහු වැඩිදුරටත් සඳහන් කරති.

0 comments:

Post a Comment

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes | cheap international calls